කුකුළු ගොවිපලක ගෑස් ගින්නක්… අලුත්ම ප‍්‍රමිතියේ සිලින්ඩරයක්… - Gossip Lanka Hot News Web

Latest

Search Bar

BANNER 728X90

Tuesday, December 28, 2021

කුකුළු ගොවිපලක ගෑස් ගින්නක්… අලුත්ම ප‍්‍රමිතියේ සිලින්ඩරයක්…

නාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය නාගස්තැන්න වත්තේ පවත්වාගෙන යන කුකුල් ගොවිපලක අලුතින් ගෙනා කුකුල් පැටවුන්ගේ ශරිර උෂ්ණත්වය පවත්වාගෙන යාම සදහා කුකුල් කුඩුවේ සවි කර තිබු ගැස් වලින් ක්‍රියා කරන හිටරයට සම්බන්ද කර ඇති ගැස් නලය පුපුරා යාමෙන් එම ගොවිපල තුල ගින්නක් හටගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.

කුකුල් ගොවිපලේ අයිතිකරු විසින් (27) දන රාත්‍රි 07 පමණ කුකුල් කුඩුවට අලුතින් කුකුල් පැටවුන් 400 දෙනෙකු කුකුල් කුඩුවට දමා එම කුකුල් පැටවුනගේ ශරිර උෂ්ණත්වය පවත්වාගෙන යාම සදහා එම කුකුල් කුඩුවේ සවි කර තිබු ගැස් වලින් ක්‍රියා කරන හිටරයක් ක්‍රියාත්මක කර තිබියදි එම හිටරයට සම්බන්දකර තිබු ගැස් නලය රාත්‍රි 10 පමණ පුපුරා ගින්නක් හටගෙන ඇත.

විනාඩි 30 පමණ කාලයක් හටගත් ගින්නෙන් කුකුල් ගොවිපලේ අලුතින් දැමු කුකුල් පැටවුන් කිහිපදෙනෙකු මියගොස් තවත් කුකුල් පැටවුන් කිහිප දෙනෙකු බරපතල ලෙස පිලිස්සි ඇති බවයි එම ගොවිපලේ අයිතිකරු කියා සිටියේ.

නාවලපිටිය නගරයේ  ලිට්‍රෝ ගැස්  අලවි නියොජිත වරයෙකුගෙන් ගත් බවත් ,එම ගැස් සිලින්ඩරයේ රතුපාට ලේබලයෙන් මුද්‍රා තබා තිබු බවයි ගොවිපල බාර අයිතිකරු කියා සිටියේ.

ගැස් හිටරයට සම්බන්ද කර තිබු නලය පුපුරා ගිනිගන්නා අයුරු එම ගොවපලේ සවිකර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment