ඩොලර් අර්බූදය උග්‍රයි! ව්‍යාපාර වෙන රටකට අරන් යන්න වේවි! ප්‍රධාන පෙළේ වාණිජ මණ්ඩල 10ක් ආණ්ඩුවට අනතුරු අඟවයි! - Gossip Lanka Hot News Web

Latest

Search Bar

BANNER 728X90

Wednesday, December 22, 2021

ඩොලර් අර්බූදය උග්‍රයි! ව්‍යාපාර වෙන රටකට අරන් යන්න වේවි! ප්‍රධාන පෙළේ වාණිජ මණ්ඩල 10ක් ආණ්ඩුවට අනතුරු අඟවයි!

පවතින අයහපත් ආර්ථික තත්ත්වය තවදුරටත් පැවතුණහොත් ලංකාවේ සිදුකරන මෙහෙයුම් වෙනත් ස්ථානයකට ගෙන යාමට තම සාමාජිකත්වයට සිදු විය හැකි බවට දිවයිනේ ප්‍රමුඛ පෙළේ වාණිජ මණ්ඩල 10ක් විසින් රජයට අලුත් අනතුරු ඇඟවීමක් කර තිබේ.

රටේ ව්‍යාපාරිකයන් මුහුණ දෙන බරපතළ ගැටලුවලට හඬ නැඟීමට අත්වැල් බැඳගනිමින් ව්‍යාපාරික මණ්ඩල 10ක් එකම වේදිකාවකට පැමිණ මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමටද කටයුතු කොට ඇත.

“ඉහත දක්වා ඇති අහිතකර ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා කඩිනම් ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අපේක්ෂා කළ පරිදි සෞභාග්‍යයේ දර්ශක වෙත ළඟා වීම සඳහා ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් කරන ලෙසත් අපි රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.” යනුවෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම සංගම් සදහන් කොට ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ පෞද්ගලික අංශය අත්‍යවශ්‍ය ආනයන සඳහා මූල්‍යමය වශයෙන් විදේශ මුදල් ලබාගැනීමේ දැඩි අපහසුතාවකට මුහුණ දී සිටින බවකි.

No comments:

Post a Comment