පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් තවමත් නිදැල්ලේ. නාටකයක් රඟපාන බවක් අපට පේනවා - කාදිනල් හිමි - Gossip Lanka Hot News Web

Latest

Search Bar

BANNER 728X90

Sunday, December 12, 2021

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් තවමත් නිදැල්ලේ. නාටකයක් රඟපාන බවක් අපට පේනවා - කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවක් තමන්ට හැඟී යන බවත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි ක්‍රියාකාරීත්වයක් තවමත් දක්නට නොමැති බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.
 
"2019 අප්‍රේල් 21 වෙනිදා සිදුවෙච්ච ඒ මහා විනාශයට තාමත් හරියාකාර ක්‍රියාකාරීත්වයක් අපි දකින්නෙ නෑ. ඒක පිටිපස්සෙ හිටපු මහමොළකාරයො තාම නිදැල්ලෙ ඉන්නවා කියලා අපට හැඟෙනවා. ඒ අයගේ නම් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නමින්ම සඳහන් කරලා තියෙනවා. ඒ එක්කෙනෙක්ගෙන්වත් ප්‍රශ්න කරලා නැහැ. නමුත් නාටකයක් රඟපාන බව අපට පේනවා. 

මොනම පක්ෂයක වුණත් දේශපාලන බලවේගවලට, දේශපාලන නායකයින්ට අතකොළු වෙන්න අවශ්‍ය නෑ, අපේ උගන්වන දර්ශනය ඊට වඩා හුඟාක් ඉහළයි. ඔය එක දේශපාලන නායකයෙක්වත් ඒ තරම් උසස් නෑ" 

කාදිනල් හිමියන් මේ බව පැවසුවේ ඊයේ (12) උදෑසන ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට එක්වෙමිනි. 

No comments:

Post a Comment