පාසලකට බඹර ප්‍රහාරයක්.. සිසුන් 17ක් රෝහලේ… පාසල වසා දමයි… - Gossip Lanka Hot News Web

Latest

Search Bar

BANNER 728X90

Tuesday, December 14, 2021

පාසලකට බඹර ප්‍රහාරයක්.. සිසුන් 17ක් රෝහලේ… පාසල වසා දමයි…

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් හෙල්බොඩ දමිල මහා විද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට (15) දින උදැසන එල්ල වු බඹර ප්‍රහාරයක් හේතුවෙන් පාසල් ළමුන් 17 දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

පාසල අසල පිහිටි විශාල ගසක බැද තිබෙන බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි (15) දින පාසලට පැමිණෙමින් සිටි ළමුන්ට බඹරුන් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එම පාසලේ 6 සිට 11 දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ය.

බඹර ප්‍රහාරය එල්ල විමත් සමග තුවාල ලැබු එම පාසලේ සිසු සිසුවියන්ව රෝහල වෙත යොමු කර හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් පරිදි පාසලේ අනෙකුත් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා පාසලට පැමිණි සෙසු ළමුන් නිවාස කරා යොමු කර පාසල (15) දින තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව එම විදුහලේ විදුහල්පතිවරයා පැවසිය.

රෝහල්ගත කල ළමුන්ගෙන් පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුන් සිව්දෙනෙකු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර , බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සෙසු සිසු සිසුවියන් දික්ඔය මුලික රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ
 

No comments:

Post a Comment